Wednesday, January 16, 2013

මම එදා රෑ ගෙට ගොඩවන විට මගේ බිරිය රාත්‍රී ආහාරය මේසයට යවමින් හිටිය.මම අගේ අතින් අල්ල ගත්තා.'මට ඔයාට දෙයක්  කියන්න තියෙනවා 'ය මේසයේ වාඩිවී නිහඩව කෑම කන්න පටන් ගත්ත.අගේ ඇස වේදනාවෙන් පිරිලා තිබුණා.ඇයටත් මට යමක් කියන්න තියෙන වග මට දැනුනත්මම මගේ කතාව පටන් ගන්න ඉස්සර උනා.මම දන්නේ නැ එක කියන්න මගේ කට කොහොම අරුනද  කියලා.නමුත් මම ඒ දේ ඇයට කිව උතුව තිබුණා.'මට දික්කසාද වෙන්න ඕන'මම සැහැල්ලුවෙන් කීවා.මගේ වචන වලින් ය කලබල උනේ නැ.ඒ වෙනුවට ඇය මෘදුව 'ඇයී ?'කියල ඇහුවා.මම අගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නෑ.එතකොට යට කේන්ති ගියා .ය අතේ තිබුණු හඬ විසි කරලා කා ගැසුවා .'උබ  මිනිහෙක් නෙවෙයී ය එච්චරක් කීවා.එදා රා අපි දෙන්න වචනයක් වත් කතා කලේ නැ මුළු රෑම  ඈ ඇඩුවා.ඈට ඕන උන අපිට මොකද උනේ කියල දැනගන්න.නමුත් ඈට සැහීමකට පත් විය හැකි උත්තරයක් දෙන එක මට ලේසි උනේ නෑ.තව දුරටත් ඇයට ආදරය කල නොහැකි තරමට මං ජෙසී වෙත මගේ හදවත ඇදී ගොස් තිබුණා.බරපතල වදකරී හැගීමකින් යුතුව අපේ  ගේත් ,වහනයත් මගේ ව්‍යාපාරයේ 30%ක අයීතියකුත් යට පවරලා මම දික්කසාද ලියවිල්ල හැදුවා.

උඩින් පල්ලෙන් එක කියවපු ඈ ඒක කීතු කීතු වලට ඉරලා  දැම්මා.තමන්ගේ ජීවිතේ ඖරුදු 10ක් මා  වෙනුවෙන් කැප කල ගැහැණිය එතන ඉඳලා මගේ ඉස්සරහ අමුත්තෙක් උනා.ම වෙනුවෙන් ය නාස්ති කල කාලය,සම්පත් හා ශක්තිය පිළිබද මට කණගාටුවක් ඇති උනත් ජෙසිට මම ආදරය කරනවා කියල මම ඈට කිව්ව වචන මට  ආයිත් ගන්න බැරි වුණා.අන්තිමේදී බලාපොරොත්තු උන විදියටම ඈ මගේ ඉස්සරහ මහා හයීයෙන් හද වැටුන.ඇත්තෙන්ම ඒ  ඇඩිල්ල එක අතකින් මට සහනයක් වුණා.සති ගණක ඉඳලා දික්කසාද වෙන්න ඕන කියල මගේ හිතේ නලියමින් තිබුණු සිතිවිල්ල අන්තිමේදී පැහැදිලි ස්ථීර එකක් වුණා .

ඊලග දවසේ මම ගෙදර එනකොට ගොඩක් පරක්කු වුණා.ඈ මේසය මත වාදී වෙලා යමක් ලියමින් හිටියා.මම නිඅනිත් පැත්තට හැරිලා නිදා ගත්ත.පහුවනිද උදේ ඈ මට දික්කසාද කොන්දේසි ඉදිරිපත් කෙරුවා.යට මගෙන් මුකුත් ඌන නෑ,නමුත් දික්කසදෙට මාසෙකට කලින් යට දැනුම් දිය යුතු බව මුල්ම කොන්දේසිය වුණා.ඒ මාසෙදි අපි දෙන්න සාමාන්‍ය විදියට ජීවත් විය යුතු බවත් කීවා.අපේ එකම පුතාගේ විභාගය මේ මාසේ තියෙන හඬ,අපේ බිදුණු විවාහය හඬ පුතාගේ විභාගය කඩාකප්පල් වෙනවා දකින්න අයට වුවමන උනේ නෑ.ඒ ඉල්ලීම් ඉටු කරන්න හරිම ලේස්යී.නමුත් ය තවත් ඉල්ලීමක් කර තිබුණා .ඒ තමයී අපි කසාද බැදපු දවසේ මම ඈ කාමරයට රැගෙන ගිය විදිය ආයීත්  මතක් වෙන විදියට දෙයක් කරන්න කියන එක.

, අපි දෙන්න එක වහලක් යට ගතකරන මේ අන්තිම මාසේ හැම උදෑසනකම අපේ නිදන කාමරයේ ඉදල ප්‍රදාන දොර දක්වා ඈ ඔසවාගෙන යන ලෙස ඈ ඉල්ලා තිබුණා.වෙන්වීම දරාගන්න බැරිව ඇතිවුණු මානසික පිඩනයත් එක්ක මේ වගේ ඉල්ලීමක් කරන්න ඇති කියලා ,මම ඇගේ කිසි තේරුමක් නැති ඉල්ලීම් වලට එකග වුනා.ඇගේ මේ අරුම පුදුම දික්කසාද කොන්දේසි මං ජෙසිට කීවා.ඇය මගේ බිරිදව විහිලුව්වකට අරගෙන බඩ  අල්ලාගෙන හිනා වුණා .අපේ වෙන්වීම  ප්‍රසිද්දියේ  ප්‍රකාශ කරන තුරු මේ දික්කසාදය කාටවත් දැනගන්න නොදෙන්න මගේ බිරිය  වගබලා ගත්ත.

ඇගේ ඉල්ලීම ක්‍රියාත්මක කල පළමු දවසේ අපි දෙදෙනාම විකාරයක් වගේ පෙනුණා .අපේ පුතා පිටිපස්සෙන් ඉදගෙන 'තාත්තී අම්මිව වැදගෙන'කියල සංතෝසෙන් අපි දිහා දිහා බලාගෙන හිටියා.ඔහුගේ ඒ හැසිරීම මට ගෙනාවේ වේදනාවක්.'අපේ දික්කසාදය ගැන පුතාට කියන්න එපා'.ඈ ඇස් දෙක වහගෙන හිමීට මිමිණුවා.මා එයට එකගත්වය පල කරලා ඔලුව වැනුවා.තේරුම් ගන්න බැරි ගින්දරකින් මාව පිච්චෙනවා වගේ දැනුණා.

දෙවැනි දවසේ කලින් දවසට වඩා ලේසියෙන් අපේ රංගනය කළා.ඈ මගේ පපුව මත මුණ හැන්ගගත්තා.තුන් වැනි දවසේ කාලෙකට පස්සේ මගේ ඇගේ අයගේ සුවද දැණුනා .මට තේරුණා මම ඈ දිහා හුගකාලෙකින් වුවමනාවකින් බලා  නොතිබුණු බව.එදා මම දැක්කා ඇය තව දුරටත් තරුණ නැති බව.ඇගේ මුහුණේ බොහොම පැහැදිලිව රැලි වැටී තිබුණා.ඇගේ කොන්ඩේ තැනින් තැන සුදු වෙලා තිබුණා.අපේ විවාහය ඇගේ තරුණ කම උදුරාගෙන තිබුණා.මම මේ ගැහැණියට මොකද්ද කළේ,මට මාවම අදහ ගන්න බැරි වුණා.

හතර වැනි දවසේ මම ඈ ඔසවා ගන්න විට ඒ  ආදරණීය පහස යලිත් මට දැනෙන්න වුණා.මේ සිටින්නේ මගේ ජීවිතයේ අවුරුදු 10ක් මා වෙනුවෙන් කැපකළ ගැහැණිය නේද කිඅල මට දැනෙන්න ගත්තා . පස් වෙනි සහ හය වෙනි දවස් ඒ ආදරණීය හැගීම නැවතත් වර්දනය වන බව මට දැනුණා.නමුත් මම මොනවත් ජෙසිට කීවේ නෑ.මාසය ඉවර වේගන යනකොට අයව ඔසවාගෙන යන එක මට එන්න එන්නම ලේසි වුණා .සමහර විට ව්‍යායාමයක් වාගේ මේක කරපු නිසා මම ශක්තිමත් වෙන්න ඇති කියල මට හිතුණා.

එක දවසක් උදේ ඈ අදින්න ඇදුම් තෝරමින් හිටියා.ඈ ඇදුම් කීපයක්ම ඇද ඇද ගැලෙව්වත් එකක්වත් අදින්න සුදුසු තත්වෙක තිබුනේ නෑ.'ඔක්කොම ඇදුම් ලොකුයී වගේ'.ඇය ගොඩක් කෙට්ටු වෙලා තියෙන හැටි එතකොටයී මන් දැක්කේ.එක තමයී,මට අයව පහසුවෙන් උස්සගෙන යන්න පුළුවන් වුණේ.'මොන තරම් ගින්දරක්ද මන් මේ ගෑනිට දුන්නේ?' හැගීම ක්ෂණයකින් මට පහර දුන්නා.අම්ටත් නොදැනීම මම ඈ ලගට ගිහින් ඇගේ ඔලුව අත ගෑවා,'තාත්ති අම්මි වැදගෙන යන්න වෙලාව හරි' අපේ පුතාගේ කට හැදින් මම පියවි ලෝකෙට ආවා.එයාගේ අම්මව එයාගේ තාත්ත ගෙයීන් එලියට වගේ යනවා දැකීම දැන් එයාගේ ජීවිතේ අත්‍යවශ්‍ය අංගයක් වෙලා.ඈ පුතාව ලගට අරගෙන තදින් බදාගෙන කම්මුලට ලොකු හාද්දක් දුන්නා.මේවා දැකීමෙන් අවසානයේ මගේ සිතුවිලි වෙනස් වේ යයී ඇති වූ බය නිසා මම අහක බලා  ගත්තා.එදත් ම යලි ඈව ඔසවා ගත්තා .අගේ ඇත ඉතාමත් මෘදුව මගේ බෙල්ල වටේ එතිලා තිබුණා.ඈගේ වුවානවට වැඩ සැහැල්ලු සිරුර මට වේදනාවක් ගෙන දුන්නා.

මේ ගිවිසුම අන්තිම දවසේ මට ආව ඔසවාගෙන යන්න ඉතාමත් පහසු වුණා.එදා අපේ පුතා ඉස්කෝලේ ගිහින් තිබුනා.'අපේ ආදරේ දියවෙනකම්ම මට තේරුනේ නෑ'.මම ඇයට කීවා.ඈ මවක මෙන් සෙනෙහස පිරුණු අස් වලින් මා දිහා බලාන හිටියා .

මම කාර්යාලයට ගියා.car එකේ දොරවල් lock කරන්නේත් නැතුවම මම එලියට පැන්නා .පුංචි හෝ ප්‍රමාදයකින් මගේ සිතුවිලි වෙනස් වෙයී කියල මන් බය වුණා.'මට සමාවෙන්න ජෙසී,මට තව දුරටත් දික්කසාද වෙන්න ඕන නෑ'.මම ඈට කීවා.'ඔයාට සනීප නැද්ද'මගේ නළලට ඇත තියලා ඈ ඇහුවා.මම ඇගේ අත අයීන් කළා.'සමාවෙන්න ජේසි.මම කීවේ මම දික්කසාද වෙන්නේ නෑ කියලා.මට ජීවිතේ එපා උනේ අපි දෙන්න අපේ ජීවිත වල අවශ්‍යම දේවල් වලට වටිනා කමක් නොදුන්න නිසා.දැන් මට තේරෙනවා මම ඇයව කසාද බැදලා මගේ ගෙදරට එක්කගෙන ආව  දවසේ ඉදලා ඇය මගෙන් බලාපොරොත්තු වුණේ මරණයෙන් මිස වෙන මොනම විදියකින් වත් වෙන්වීමක් නෙවෙයී කියලා'.ඇය වේගයෙන් මගේ කම්මුලට ගහල යන්න ගියා.මම පහත මාලයට ඇවිදගෙන ඇවිත් car එකේ නැගල යන්න පටන් ගත්තා.

අතර මග තිබුණු මල් සාප්පුවකින් මල් කළබක් ඇණවුම් කල.මල් කලබේ ලියන්නේ මොකද්ද කියල සේවිකාව මගෙන් ඇහුවා.මම ලාවට හිනාවෙලා කීවා,'අපි බැදපු දවසේ වගේ හැමදාමත් උදේට මං ඔයාව එලියට එක්කගෙන යනවා.මරණය අප දෙදෙනා වන් කරන තුරාවටම'.

මම ගෙදර ආවා .මගේ අතේ මල් මිටල් තිබුනා.මගේ මුහුණේ  හිනාවක් තිබුනා.මම පදිපෙලදිගේ උඩට දිව්වා මගේ ආදරණීය බිරිදව නිදන කාමරයේදී මුණ ගැහෙන්න බලාගෙන නමුත් මට ආව මුණ ගැහුනේ රෝහලේදී.

මම ජෙසී සමග කාර්යබහුල එල ඉද්දි මගේ බිරිය  පිළිකාවක් එක්ක තනියෙන් සටන් කරලා තිබුනා.ඈ දැනගෙන හිටිය ඈ ඉක්මනින් මියයන බව.නමුත් ඈට වුවමන වෙලා තිබුනා තමන්ගේ අම්මව දිකසද කිරීම හේතුවෙන් මගේ පුතාගෙන් මට එල්ල වියහැකි ඕනෑම ආකාරයක සෘනාත්මක ප්‍රතිචාරයකින් මාව ආරක්ෂා කරගන්න.ඒ වගේම ඇයට වුවමන වෙලතිබුනා අඩුම තරමේ අපේ පුතාගේ ඇස් ඉදිරියේ හෝ මම ආදරණීය සැමියෙකු බව ඔප්පු කරන්න.ය හැම දෙයක්ම කරලා තිබුනේ එකයී....

යහපත් ජීවිතයක් සදහා අවශ්‍ය වෙන්නේ ජීවිතයේ සිදුවන ඉතාමත් සුළු දේවල් ටිකක් විතරයී.මේ කියන්නේ මහා මන්දිර ,යාන වාහන,දේපල ,මුදල් දන නෙවෙයී.ඒ දේවලුත් ප්‍රීතිමත් ජීවිතයකට අවශ්‍ය පරිසරය සකස් කරනවා තමයී.නමුත් ඒ දේවල් වලට බැ අපේ ජීවිතයටසතුට ගෙන්න.ඔබට ඒ සතුට ලබාගන්න කරන්න තියෙන්නේ හරිම පුංචි දෙඅල් ටිකක්...පුංචි පුංචි දේවල් වලට අපි මුලිකත්වය දුන්නොත් සැබවින්ම ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න ඔබටත් පුලුවන් වෙවී ...

Wednesday, January 9, 2013

මොකට උපනන්ද?

මේ වැඩේ හරි යන්නේ නෑ. හැමදාම දුක් ගැනවිලි ලියල හරියන්නේ න. අලුත් දෙයක් ලියන්න ඕනි .වෙලාවකට හිතෙනවා මේකත් මහා බොරු වැඩක් කියල මොකද කව්රුත් කියවන්නෙත් නෑනේ :(